ඉන්දුනීසියානු හමුදාවට අයත් බෙල් - 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී ඊයේ අතුරුදන්වී තිබෙනවා.
එහි ආරක්ෂක හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ගමන් කර ඇති බව සදහන්.
බෝනියෝ දිවයින ඉන්දුනීසියාව, මලයාසියාව සහ බෲනායි රාජ්‍යය අතර බෙදී යන දිවයිනක්. අනතුර සිදුවී ඇත්තේ ඉන්දුනීසියාව සහ මලයාසියාව අතර, දේශසීමා ප්රදේශයේදීයි.
2015 වසරේදී ද ඉන්දුනීසියානු හර්කියුලිස් සී - 130 වර්ගයේ ගුවන් යානයක් මෙඩාන් ප්‍රදේශයේදී අනතුරට ලක්වී පුද්ගලයන් 142 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.