රංගේ බණ්ඩාර යළිත් මැසිවිලි නගයි

Friday, 25 November 2016 - 12:15

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BA%E0%B7%92
සිය අමාත්‍යාංශය තුළ රාජකාරි පැවරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

මොරටුව ජර්මානු තාක්ෂණ විද්‍යාලයේ පැවති වෘත්තීය සමිති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

‘‘මේක අපි සම්මුතිවාදී ආණ්ඩුවක්. පක්ෂ දෙකක් නියෝජනය කරන්නේ. අපි මහින්ද රාජපක්ෂ පරද්දලා මෛත්‍රීපාල සිරිසේන දිනෙව්වෙ අපි. ඒ දිනවීමේ අයිතිය තියෙන්නේ අපිට. ඊට පස්සේ ඇවිල්ලා මේකට රිංගා ගත්ත උදවිය මේකේ එල්ලිච්ච වව්ල්ලූ වගේ උදවිය, කොහා වගේ උදවිය. මේක ඇති කරපු නිර්මාණය කරපු උදවියට ගරු කරන්න  ඕනා. ගරු කරන්න, වදින්න පුදන්න එන්න  ඕනි නැහැ. එහෙම දෙයක් ඉල්ලන්නෙත් නැහැ. නමුත්, ඒ යුතුකම ඉෂ්ඨ වෙන්න  ඕනා. ඒගොල්ලන්ට අදහස් දක්වන්න සහභාගි වෙන්න අවස්ථාව තියෙන්න  ඕනෙ. ඒක මේ අමාත්‍යාංශය තුළ බින්දුවයි. කෙරෙන්නෙම නැහැ. 2015 අගෝස්තු 17 වැනිදාත් ජනවාරි 8 වැනිදත් ඒගොල්ලො බලය දුන්නේ අපිට. මම එහෙනම් ඒ බහුතරය නියෝජනය කරනවා. එහෙනම් ඒ බහුතර නියෝජනයට විනාඩි 2 ක්වත් කතා කරන්න අවස්ථාව දෙන්න බැරිනම් මෙහෙට ඇවිල්ලා පුටු රත් කරලා ෆොටෝ එකට පෙනී ඉදලා යන්න මට බැහැ. මම නිවට වෙන්නෙත් නැහැ එකිනෙකා ඉස්සරහා.’’ යනුවෙන් එහිදී ඔහු සදහන් කළා.