එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී ජගත් සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ අද (25) විභාගයට ගැනුණා.
ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
කුරුඳුවත්ත පොලිසිය විසින් එම නඩුව ගොනුකර තිබුණේ මහජන පීඩාවක් වන ආකාරයෙන් අදාළ විරෝධතාව පැවැත්වීම හේතුවෙන්.
අද දිනයේදී පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සිද්ධියේ 07 වන සැකකරුට නොතීසි භාරදීමට ඔහු පදිංචි නිවසට ගිය ද, සැකකරු එහි නොසිටි බවයි.
ඒ හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද යළිත් වරක් එම 07 වන සැකකරු වන චමින්ද ජයලාල් නැමැත්තාට එරෙහිව නොතීසි නිකුත් කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර මෙන්ම පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පියසිරි විජේනායකට මෙම සිද්ධියේ අනෙකුත් සැකකරුවන්.
මෙම නඩු විභාගය යළි ලබන වසරේ පෙබරවාරි 08 වනදා විභාගයට ගැනීමට නියමිතයි.
මේ අතර, අවිධිමත් ලෙස සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍රයක් ළග තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුව අද යළි විභාගයට ගැනුණා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. එහිදී නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කර තිබෙනවා.
එම නඩුව යළි ලබන වසරේ පෙබරවාරි 08 වනදා විභාගයට ගැනීමට නියමිතයි.