ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවනවා - ජනපති

Friday, 25 November 2016 - 12:58

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ - කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (24) පැවති කොළඹ අසරණ සරණ සමිතියේ 185 වන මහ සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව නොයෙකුත් අඩුපාඩු දක්නට ලැබෙන බවයි.

එමෙන්ම, ඉදිරියේදී ඒවා සම්පූර්ණ කරමින් ඔවුන්ගේ අයිතීන් දිනා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥාවක් ලබාදුන්නා.

අසරණ සරණ සමිතිය හරහා විශිෂ්ඨ සේවාවක් ඉටුකළ සාමාජිකයන් 06 දෙනෙකුට සේවා ඇගයීම් සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.