නූරි වතු අධිකාරී ඝාතන සිද්ධියට ‘අත කොටා’ ඇතුළු 18 කට මරණ දඬුවම

Friday, 25 November 2016 - 13:34

%E0%B6%B1%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E2%80%98%E0%B6%85%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F%E2%80%99+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+18+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
දැරණියගල - නූරි වතු යායේ වතු අධිකාරීවරයා ලෙස කටයුතු කළ නිහාල් පෙරේරාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න විත්තිකරුවන්ට දඬුවම් නියම කළ අතර, මෙරට මහාධිකරණයක් මගින් එකම නඩුවක විත්තිකරුවන් වැඩිම පිරිසකට එකවර මරණ දඬුවම ලබාදුන් පළමු අවස්ථාවද මෙය වනවා.

නූරි වතු යායේ බංගලාව ආසන්න මාර්ගයේදී හිටපු වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කර, ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබුණේ 2013 වසරේ ජුලි 05 වනදායී. සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා නැමැත්තා ඇතුළු 21 දෙනෙකුට චෝදනා එල්ල වුණා.

නූරි වතු යායේ තේ කර්මාන්ත ශාලාව වෙත තේ දළු සහ දර සැපයීම සම්බන්ධයෙන් හිටපු වතු අධිකාරීවරයා සහ නඩුවේ පළමු විත්තිකරු වන දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ අතර පැවති මත ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

ඒ අනුව අද දිනයේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු දේවිකා අබේරත්න දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු 18 දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර, 04, 05 සහ 20 යන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළා.

නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන තුරුම විත්තිකරුවන්ට ඇප හිමි නොවූ අතර, වසර තුනහමාරක් තිස්සේ විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරයේම සිටියදීයි නඩු විභාගය සිදුකෙරුණේ.