ඇවන්ගාඩ් නැව මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හැරේ

Friday, 25 November 2016 - 16:39

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+35%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඞ් නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද නියෝග කළා.

නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට චෝදනා කරමින් මෙම නෞකාව නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 13 වනදායි.

මීට පෙර නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක බැංකු බැඳුම්කරයක් මත නැව මුදා හැරිය යුතු බවයි රජයේ නීතිඥවරයා සදහන් කළේ.

කෙසේ වෙතත්, නැවේ නඩත්තුව වෙනුවෙන් අති විශාල මුදලක් වැය කර ඇති බැවින් බැංකු බැඳුම්රයක් මත එය යළි ලබා ගැනීමෙන් ඵලක් නොවන බව ඇවන්ගාඩ් සමාගමේ නීතිඥවරුන් සඳහන් කළා.

ඒ අනුව එය කුමන බැඳුම්කරයක් යටතේ මුදාහරින්නේද, එසේ නොමැතිනම් අබලි ද්‍රව්‍යවලට වෙන්දේසි කරන්නේද යන්න පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.