වර්ජනයට සැරසෙන බස් සංගමයේ අවුලක්

Friday, 25 November 2016 - 19:22

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක, අන්ජන ප්‍රියන්ජිත් එම තනතුරු දෙකෙන්ම තාවකාලිකව ඉවත් කළ බව එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පවසනවා.

ඔහු කියා සිටියේ සංගමයේ අනුදැනුමකින් තොරව සාකච්ඡා සඳහා සහභාගිවීම සහ ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අන්ජන ප්‍රියන්ජිත් සඳහන් කළේ තමන් තවදුරටත් එම සංගමයේ තනතුරු හොඹවන බවයි.