වර්ජනයෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට හානියක් නැහැ- බස් සංගම්වලින් සහතිකයක්

Saturday, 26 November 2016 - 7:35

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-++%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙසැම්බර් 1 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බියක් ඇති කර ගත යුතු නැතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

බස් වර්ජනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් මෙන්ම ගුරුවරුන් ද අපහසුතාවට පත්විය හැකි බව ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය ද ඊයේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු කියා සිටියේ දරුවන් අපහසුතාවට පත් කිරීමට තම සංගමය කිසිසේත් කටයුතු නොකරන බවයි.