රට දිළිඳුකමින් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර ඇති 2017 වසර මෙරට ආර්ථික සමෘද්ධිය ගොඩ නැගීමේ මුල් පියවර වනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇති අතර, අමාත්‍ය සරත් අමුණුගමගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට රවී කරුණානායක, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ඇතුළු සාමාජිකයන් 8 දෙනෙකු ඇතුළත්.
ඊයේ පැවැති සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
මේ අතර, ප්‍රවීන කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු කාටූන් චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.
ප්‍රදර්ශනය දින දෙකක් පැවැත්වීමට නියමිතයි.