ඔරුගොඩවත්තෙන් හමුවූ කොකේන් තොගයේ වටිනාකම බිලියන 3 ඉක්මවයි

Saturday, 26 November 2016 - 8:06

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයේ තිබී සොයා ගනු ලැබූ කොකේන් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් මුලදී සිදුකළ වැටලීමක් බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ අදාළ වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය විසින් බවයි.

පරීක්ෂාවට ලක්වූ කන්ටේනර් 50ක ප්‍රමාණයෙන් 21ක භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂා කර මුදා හැර තිබීම හේතුවෙන්, බහාලුම් 34ක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මහේස්ත්‍රාත් අධිකරළයෙන් ලබා ගන්නා ලද නියෝගයකට අනුව අදාළ පරීක්ෂාව සිදුකළ බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ වන විටත් බහාලුම් 34 අතුරෙන් 15ක් රේගු පරීක්ෂා කිරීමකින් පසු මුදා හැර තිබී ඇති අතර, පරීක්ෂාවට ලක් කිරීමට තිබූ කන්ටේනර් 19ක් සහ අදාළ ආනයන සමාගම සතුව තිබූ ලේඛන ඇතුළත් නැව් භාරපත් විශ්ලේෂණය කිරීමෙන් පසු හඳුනා ගනු ලැබූ තවත් කන්ටේනර් 10ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි එමගින් දක්වා ඇත්තේ.

මෙසේ රේගු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනාවරණ නොවූ තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හෙළි කර ගැනීමට හැකි වී තිබෙනවා.

අදාළ කොකේන් තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 219යි ග්‍රෑම් 975ක් බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළා.