ලබන වසරේ ඡන්ද නිදහස් පක්ෂය ජය ගන්නා බව ජනපති ගාල්ලේදී කියයි

Saturday, 26 November 2016 - 18:06

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් සභා 3 ක සහ පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ජයක් අත්කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන ගාලූ නගර ශාලාවේදී අද (26) අමතමින්.

ජනාධිපතිවරයා කතාව ආරම්භ කළේ අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් සිය ශෝකය පළ කරමින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට තමා තරම් කැපවූ අයෙකු නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් වෙන් වී ක්‍රියාත්මක නොකළ මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘතියක් පිළිබදව හෙළිදරව්වක් කළා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ 2012 වසරේදී මෙන්ම ජනවාරි 08 ජනාධිපතිවරණයට පෙර දිනයේද අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් මුදල් වෙන්කර ඇති බවයි.

එහෙත් පස් පිඩැල්ලක් හෝ ව්‍යාපෘතිය වෙනුවෙන් කපා නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම වැළැක්වෙන අයුරින් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී ගමට වැඩක් කිරීමට නම් පත් කරගත යුත්තේ යහපාලන ආණ්ඩුවේ නියෝජිතයෙකු බව වැඩසටහනට සහභාගී වූ  නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළා.