නත්තල් සැමරුම් සමය අදින් ඇරඹේ

Sunday, 27 November 2016 - 7:47

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සාමයේ කුමාරයාණන්ගේ පැමිණීම සනිටුහන් කරන අසිරිමත් නත්තල් සමය අදින් ආරම්භ වනවා.

ලොව පුරා කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිහි කරන්නේ නත්තල් සමයේදියී.

කිතුණු සභාව එය හදුන්වන්නේ ‘‘ආගමන සමය’’ ලෙසයි.

මෙම සමය කූඨාප්‍රාප්තියට පත් වන්නේ දෙසැම්බර් 25 වෙනිදා සැමරෙන නත්තල් උත්සවයෙනුයි.

මේ වනවිටත්, ලෝකවාසි ජනතාව ලොව පුරා නත්තල් උත්සවයට සුදානම් වන ආකාරය දැකිය හැකියි.

මෙරටද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් නත්තල් සැරසිලි සහ විදුලි ආලෝකය ආඩ්‍ය වන්නේ නත්තලේ අසිරිය විදහා දක්වමින්.

අදින් වසර 2016 කට පෙර වතිකානුවේ - බෙත්ලෙහෙමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ ලොවට සාමයේ පණිවුඩය ගෙන එමින්.

අසල්වැසියන්ට ප්‍රේම කිරිම උන්වහන්සේගේ දහම් යත්‍රාවේ මුලිකාංගයයි.