නැගෙනහිර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ට තහනමක්

Sunday, 27 November 2016 - 10:27

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, දෙවන සහ තුන්වන වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා.

නවක වදය අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා පාලනාධිකාරිය මෙම තීරණයට එළඹුණු බවයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි වී. කාන්දීපන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

නවක වදයට සහය ලබාදීම හේතුවෙන් නැගෙනහිර වෛද්‍ය පීඨයේ පළමුවන වසර සිසුන් 16 දෙනෙකු පන්ති තහනමකට ලක් කර ඇති බවද ලේඛකාධිකාරීවරයා කියා සිටියා.

‘‘විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ සිසුන්ට, දෙවන සහ තෙවන සිසුන් නවකවදය ලබාදෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. විශ්වවිද්‍යාලය තුළ නවකවදය තුරන් කරන්න සියයට සියයක්ම අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පළවැනි වසරේ සිසුන් 16 දෙනාට පන්ති තහනම් කර දෙවන වසර සහ තුන්වන වසර පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කළේ ඒ නිසයි. ඒ අනුව දෙවන වසර සහ තුන්වර සිසුන්ට නේවාසිකාගාරවලින් අද දහවල් 12 ට පෙර ඉවත් වන ලෙසට දැනුම් දුන්නා. ඊට අමතරව, එම සිසුන්ගේ දේශන තාවකාලිකව අත්හිටුවීමටත් තීරණය කළා. නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය නොදීම හේතුවෙනුයි පළමු වසරේ සිසුන්ගේ පන්ති තහනම් කළේ. මේ ගැන අදාළ සිසුන්ගේ දෙමව්පියන් විශ්වවිද්‍යාලයට කැඳවා දැනුවත් කරන්න බලාපොරොත්තුවෙනවා.’’