වාද්දුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී 5ක් මරුට

Sunday, 27 November 2016 - 17:00

%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වාද්දුව - පොතුපිටිය - පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා මෝටර් රථයක් ධාවනය වෙමින් තිබියදී මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.  

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.