වාහන ගෙන්වන කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුව සිල්ලර ප්‍රශ්නයක් - ඇමති නිමල්

Sunday, 27 November 2016 - 19:07

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+79%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුව යටතේ නව ව්‍යවස්ථාවක් සැකසීම කඩිනමින් සිදුකළ යුතු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රකාශ කළා.

ඒ, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.

නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ඔවුන් දළදා මාළිගා පරිශ්‍රයේදී අස්ගිරි මහනාහිමියන් ද බැහැදැක මෙම දැනුවත් කිරීම සිදුකළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මල්වතු මහනාහිමියන්ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අතරතුර එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද ඊට මැදිහත් වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් නව පක්ෂය සහ මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඊට ඔහු පිළිතුරු ලබාදුන්නේ ආවේගාත්මක අයුරින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් සිල්ලර ගැටළු සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි.