ජීවිත 5ක් බිළි ගත් වාද්දූවේ දුම්රිය අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය

Monday, 28 November 2016 - 7:10

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA
පස්දෙනෙකුට මරු කැඳවමින් වාද්දුව - පොතුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරට හේතුව නොසැළකිලිමත් රිය ධාවනය බවට අනාවරණ වී තිබෙනවා.  

පොලීසිය සදහන් කළේ දුම්රිය හරස් මාර්ගයෙහි ආරක්ෂාවට සිටි මුරකරුගේ උපදෙස් නොපිළිපදිමින් මෙම මෝටර් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි.

මෝටර් රථය පැදවූ පුද්ගලයා දුම්රිය මුරකරුගේ අණ නොපිලිපදිමින් ඔහු යටකිරීමටද උත්සාහ කර ඇති බවට ද පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට කොළඹ - කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පස්දෙනා කළුතර - උතුර, කුඩා වස්කුඩුව සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන්.  ඔවුන් අවුරුදු 43 ත් 60 ත් අතර වයස්වල පසුවනවා.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දුම්රිය සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ඊයේ පස්වරුවේම අදාළ ස්ථානයට ගිය බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ සහකාර සාමාන්‍යාධිකාරීවරයාගේ වාර්තාව අද පෙරවරුවේ දුම්රිය සාමාන්‍යකාරී වෙත ලබාදීමට නියමිත බවයි.