කතරගම පුද බිමේ සිඟමනේ යෙදුණු ළමයින් ඇතුළු 23 දෙනෙකු අත්අඩංගුවට

Monday, 28 November 2016 - 7:21

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B6%B8%E0%B6%B1%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කතරගම පුදබිම තුළ සිඟමනේ යෙදී සිටි ළමයින් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කුඩා ගැහැණු ළමයින් දස දෙනෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

පුදබිම තුළ කුඩා දරුවන් සිඟමනේ සහ වෙළඳාමේ යොදවන බවට ප්‍රදේශයේ ආගමික නායකයින් පසුගියදා චෝදනාවක්ද එල්ල කළා.

ඇතැම් ළමයින් පාසල් නොගොස්, පූජා භූමිය තුළට පැමිණ වෙළදාමේ නිරත වන අතර, තවත් පිිරිසක් පාසල් නිමා වී පූජා භූමිය තුළ දෙමාපියන් සමග සිඟමනේ යෙදෙන බවටයි වාර්තා වන්නේ.

අවුරුදු 10 සිට 14 වයස්වල පසුවන දරුවන් පූජාවන් සදහා පැමිණෙන බැතිමතුන්ගේ පූජා වට්ටි රැගෙන ගොස් ඔවුන්ට උපකාර කරමින් මුදල් ලබා ගන්නා බවටද ආගමික නායකයින් පෙන්වා දෙනවා.

මෙම කටයුතු සඳහා කුඩා දරුවන් 75 දෙනෙකුට වැඩි පිරිසක් යොදවාගෙන ඇති බවටයි පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මේ අතර, පසුගිය දා කතරගම පුදබිමට බැතිමතුන් සමඟ පැමිණි කුඩා දරුවෙකුගේ ගෙළ බැදි රන් මාලයක් සොරකම් කළ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

එහිදී අනාවරණ වුණේ වැඩිහිටියන්ගේ උපදෙස් මත මෙම දරුවා අදාළ සොරකම සිදුකර ඇති බවටයි.

කතරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ළමා හිමිකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව ඉදිරියටත් කතරගම පුද බිම ආශ්‍රිතව  කුඩා දරුවන් යොදාගනිමින් සිදු කෙරෙන ජාවාරම් පිළිබඳව වැටලීම් සිදු කරනවා.