සම්බුදු ශාසනය සුරක්ෂිත කිරීමට කැපවනවා - ජනපති

Monday, 28 November 2016 - 7:34

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සම්බුදු ශාසනය සුරක්ෂිත කිරීම සඳහා සියලු යුතුකම් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සදහන් කරුණුවලට ගරු කරමින් රජයේ වගකීම සහ යුතුකම් ඉටු කරන බවයි මහනුවර - මැණික්හින්න - හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි හිමිපාණන්ගේ 95 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.