2016 සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ සියලු සම්මාන හිරුට !

Monday, 28 November 2016 - 8:30

2016+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%21
ජනප්‍රියම ගුවන් විදුලිය - හිරු FM
ජනප්‍රියම රූපවාහිනිය -  හිරු TV
ජනප්‍රියම පුවත්  - හිරු NEWS
ජනප්‍රියම සංගීත නාලිකාව - හිරු TV
 
ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය සංවිධාන කළ 2016 සමාජ මාධ්‍ය අංශයන්ට හිමි සම්මාන උළෙලේ සියලු සම්මාන දිනා ගැනීමට හිරු ටී.වී.සහ හිරු එෆ්.එම්.සමත් වුණා.

ඒ අනුව ජනප්‍රියම රූපවාහිනිය ලෙස හිරු ටී.වී. සම්මානයට පාත්‍ර වූ අතර. ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව වූයේ හිරු එෆ්.එම් එසේම ජනප්‍රියම පුවත් ලෙස හිරු පුවත් සම්මානයට පාත්‍රවූ අතර ජනප්‍රියම සංගීත නාලිකාව සඳහා පිරිනැමෙන සම්මානයද හිරු ටී.වී. විසින් දිනාගත්තා.

ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය සමාජ මාධ්‍ය සම්මාන උළෙල මෙලෙස සංවිධාන කළේ ප්‍රථම වරටයි.

එහි සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ සිදුවුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදීයි.

මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරිත්වය දරණ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධ ලෝටස් ටෙක්නොලජි ආයතනය පවත්වාගෙන යන හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට මෙමගින් තවදුරටත් තහවුරු වනවා.

ලංකාවේ ඩිජිටල් මාධ්‍යයේ පෙරගමන්කරුවන් වන ලෝටස් ටෙක්නොලජි ආයතනය නිරන්තරයෙන් ලබාගන්නා මෙම සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.

ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ප්‍රවෘත්ති වෙබ් අඩවිය ඇතුළු අනෙකුත් සියලු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි සියල්ල ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ලංකාවේ ඩිජිටල් මාධ්‍ය කලාව නව මානයකට යොමුකර අවසන්.

ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය සංවිධාන කළ 2016 සමාජ මාධ්‍ය සම්මාන උළෙලේ සියලු සම්මාන දිනා ගැනීම පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.



ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අප මාධ්‍ය ජාලය වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බවද ඔහු සඳහන් කළා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ අප ලබන මෙම සියලු ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.

ජනප්‍රියම ගුවන් විදුලිය - හිරු FM


ජනප්‍රියම රූපවාහිනිය -  හිරු TV


ජනප්‍රියම පුවත්  - හිරු NEWS




ජනප්‍රියම සංගීත නාලිකාව - හිරු TV