Update : කුරුණෑගල පොලිස් නිලධාරියාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියක් හමුවේ

Monday, 28 November 2016 - 10:17

Update+%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කුරුණෑගල - මාස්පොත හෝටල් පරිශ්‍රයක් තුලදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවකු ලබා දුන් තොරතුරු මත, මහනුවර, අම්පිටියේ සඟවා තිබූ ගිනි අවියක් ඊයේ පස්වරුවේ මාවතගම පොලිසිය සොයාගත්තා.

පැහැර ගන්නා ලද මෝටර් රථයක් අදාළ හෝටල් පරිශ්‍රයක් තුල නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 15 වැනිදා කුරුණෑගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාල හෝටලය වටලනු ලැබුවා.

එහිදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, කොස්තාපල්වරයෙකු සහ පොලිස් රියදුරෙකු එහිදී තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් අනතුරුව බස් රථයකින් පලා යමින් සිටි එක් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර, පසුව අනාවරණ වුණේ ඔහු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන දේවමුණි හැරල් රෝහණද සිල්වා හෙවත් සුදු රෝහණ නමැත්තා බවයි.

ඔහු සමඟ පලාගිය අනෙක් සැකකරු මාතර රොෂාන් නැමැත්තා බවට අනාවරණ වී ඇති අතර ඔහු මෙතෙක් හදුනාගෙන නැහැ.

එමෙන්ම තවත් තුන්වන පුද්ගලයෙකුද මෙම ඝාතනයට සම්බන්ධ බවට මේ වනවිට හෙලිවී තිබෙනවා.

ඊයේ පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අදාල සැකකරුවන් පිළිබඳව සාර්ථක තොරතුරක් සපයන අයෙකුට විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනමන බවයි.

ඒ සඳහා 0112 451633 සහ 0772001021 යන දුරකතන අංක දෙකද ප්‍රසිද්ධයට පත් කළා.

මේ අතර පසුගිය 20 වැනිදා හෝමාගම ප්‍රදේශයේදී සිදුකළ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ පරීක්ෂණයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔය කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.




Update : Monday, November 28, 2016 11 13.45
------------------------------------------------------------


කුරුණෑගල - මාස්පොත හෝටල් පරිශ්‍රයක් තුලදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ එක් පාතාල කල්ලි සාමාජිකයෙකු නවාතැන්ගෙන සිටි කුරුණෑගල තලාගම ප්‍රදේශයේ නිවස පිටුපස වළදමා තිබියදී මෙම ගිනි අවිය සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය 15 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් කුරුණෑගල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනු අතර පසුව අනාවරණ වුණේ ඔහු දේවමුණි හැරල් රෝහණද සිල්වා හෙවත් සුදු රෝහණ නැමති පාතාල සාමාජිකයා බවයි.