මත්කුඩු සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 10 දෙනෙකු වවුනියාවේදී අල්ලයි

Monday, 28 November 2016 - 11:47

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හෙරොයින් සහ ගංජා ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් දසදෙනෙකු වවුනියාව - තේක්ක වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ වවුනියාව දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෙරොයින් මිලිග්‍රෑම් 100 ක් සමඟ 39 හැවිරිදි කාන්තාව ඇතලු  සැකකරුවන් පස්දෙනෙක්ද ගංජා ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකුද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත වැටලීම සිදුකර තිබෙනවා.