හිටපු එස්.ටී.එෆ්. ලොක්කාට ඇප

Monday, 28 November 2016 - 13:48

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී, හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර ඇප මත මුදාහැර තිබෙනවා.

තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මෝසමක් මාර්ගයෙන් මොහුගේ නීතීඥයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන්  කළ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කෙරුණා.

ඊට අමතරව විදේශගතවීම තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9 ත් 12 ත් අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසටයි දැනුම් දුන්නේ.

පොලිස් දෙපාර්තමේන්තුවට අයත්  ජීප් රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය 23 වනදායි.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා යළි කැඳවනු ඇති.