බලයට පැමිණි පසු කම්කරුවන් අමතක කිරීම කණගාටුවක් - මල්වතු මහ නා හිමි

Monday, 28 November 2016 - 13:51

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
බලය ලබාගැනීමට පෙර කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බොහෝ අයට බලය ලබාගත් පසුව කම්කරුවන් අමතකවීම කණගාටුවට කරුණක් බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දැනට වර්ජනයක නිරතව සිටින කම්කරු නිලධාරීන් පිරිසක් ඊයේ මහනාහිමියන් බැහැදැක සන්දේශයක් භාරදුන් අවස්ථාවේදියි.

එම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී. ගමගේ කියා සිටියේ තම ඉල්ලීම් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්මික අධිකරණය හමුවට යන බවයි.  

රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය මේ මස 2 වන දා සිට වැඩ වර්ජනයක නිරත වන්නේ වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

කෙසේ වෙතත් කම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී. චාන්දනී අමරතුංග නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වර්ජනයට මුල් වූ කම්කරු නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව සකස් කොට වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි.

එම නිසා මෙම වර්ජනය අසාධාරණ බවද ඇය සිය නිවේදනය මගින් තවදුරටත් පෙන්වාදී තිබුණා