ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරනු ලැබූ ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද පෙරවරුවේ ආරම්භ වුණා.
7 වන වරටත් පැවැත්වෙන මෙවර ගාලූ කථිකාවේ මෙවර තේමාව වී ඇත්තේ උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම යන්නයි.
හෙට දක්වා පැවැත්වෙන මෙවර සම්මන්ත්‍රණයට රටවල් 42 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක් නියෝජිතයින් 132 දෙනෙකු එක්ව සිටිනවා.
මේ අතර, මෙවර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී සුනිල් ලන්බා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට නියමිතයි.
පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මුණ ගැසී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.