අනුරාධපුරයේදී කෝටි 3ක මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකයි

Monday, 28 November 2016 - 18:47

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර නගරයේ නව බස් නැවතුම්පල අසල පවත්වාගෙන යන පෞද්ගලික මූල්‍ය ආයතනයක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ඊයේ රාත්‍රියේ බිඳ රුපියල් තුන් කෝටි විසි දෙලක්ෂයක් වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකා තිබෙනවා.

බිත්තියක් බිඳ සිදුරක් හාරා මූල්‍ය ආයතනයට ඇතුඵ වී ඇති කොල්ලකරුවන් එහි සේප්පුවේ තැන්පත් කර තිබු රුපියල් කෝටි තුනක් වටිනා රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කළා.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට කොල්ලකරුවන් ඇතුඵවී ඇත්තේ එහි ඉහළ මහලෙන්.

පසුව එහි සෙප්පුව ද කඩා රුපියල් විසි දෙලක්ෂයක මුදලක් කොල්ලකරුවන් පැහැරගෙන ගොස් ඇති අතර, මූල්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලේවිසැලේ හිමිකරු මේ බව දැක ඇත්තේ අද පෙරවරුවේ මෙම ආයතන විවෘත කළ අවස්ථාවේදීයි.

මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කොල්ල කෑම් සිදුකළ පුද්ගලයින් ආදාල ආයතන දෙකෙහි ආරක්ෂක කැමරා පද්ධතිවල පටිගත වන කොටස් ගලවාගෙන ගොස් ඇති බව මුලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.