අද්විතීය නායකයාට ජනපති ශෝක සටහනක් තබයි

Monday, 28 November 2016 - 19:21

%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
අද්විතීය විප්ලවවාදියෙකු වූ හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද පෙරවරුවේ කොළඹ කියුබානු තානාපති කාර්යාලය වෙත ගොස් ශෝක සටහනක් තැබුවා.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනී ජුආනා එලීනා රාමොස් රොඩි‍්‍රගේස් විසින් පිළිගත් බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ.

ලොව පුරා විප්ලවවාදීන්ගේ මෙන්ම සාධාරණ ලෝකයක් පිළිබඳ සිහින දුටු ජනතාවගේ වීරවරයෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තානාපතිවරිය සමඟ ද සුහද කතාබහක නිරත වී තිබෙනවා.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරනු ලැබූ ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සමුළුව කොළඹ දී අද උදෑසන ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

7 වන වරටත් පැවැත්වෙන මෙවර ගාලු කථිකාවේ මෙවර තේමාව වී ඇත්තේ උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම යන්නයි.