බදුල්ලේදීත් හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටේ

Tuesday, 29 November 2016 - 7:54

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
බදුල්ල - උඩුවර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ මෝටර් රථයක් ගැටී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති බවයි.

එහෙත් එහි ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් ඉල්ලා ප්‍රදේශවාසීන් කාලයක සිට බලධාරීන් දැනුවත් කළ ද තවමත් ඒ සඳහා නිසා විසදුමක් ලබාදී නොමැති බවයි.

 වාද්දූව-පොතුපිටිය-පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පසුගිය ඉරිදා සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අනාවරණ වූයේ ඔවුන් බීමතින් සිට ඇති බවටයි.

පොලීසිය සදහන් කළේ එහිදී දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂාවට සිටි මුරකරුගේ උපදෙස් නොතකමින්  මෙම මෝටර් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි.

මේ අතර, තමන් අයත් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට බවට පොලිස් මූලස්ථානය ලිඛිතව දැනුම් දී ඇති බව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් පාලනය වන්නේ පොලීසිය මගින් බවයි.

වාද්දූව-පොතුපිටිය-පෝද්දරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පෙරේදා සිදුවූ අනතුරත් සමඟයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් සම්බන්ධයෙන් වන ගැටළුව කරළියට පැමිණියේ.