මිලියන 4000ක මුදලක් අතුරුදන්වීම ගැන පරීක්ෂණයක් කරන්න - ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලයි

Tuesday, 29 November 2016 - 9:11

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+4000%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පසුගිය රජය සමයේ නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය ලබාදී ඇති රුපියල් මිලියන 4012ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිල්වලා නිම්නයේ ජනතාව වෙනුවෙන් වෙන් කර තිබූ මෙම මුදල් වලට සිදුවූයේ කුමක් ද යන්න එවකට සිටි වාරිමාර්ග අමාත්‍යවරයාගේ සහ වාරිමාර්ග ලේකම්වරයාගේ මූලික වගකීමක් බවයි.

එවකට වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වායි.

එබැවින් ඔහු ඇතුළු අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා මේ පිළිබදව වගකීම භාර ගත යුතු බව ඔහු නිකුත් කළ ලිපියේ සදහන්.

එමෙන්ම මේ පිළිබදව දැනට චීනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මේ පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයට දැනුම් දෙන ලෙසයි.