අම්බලන්ගොඩ මුහුදු තීරයේ බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක

Tuesday, 29 November 2016 - 9:26

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A
ගාල්ල - අම්බලන්ගොඩ - මුහුදු තීරයට ආසන්නයේදී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ අම්බලන්ගොඩ මුහුදු තීරයට සැතපුම් 10ක් පමණ දුරින් අදාල යාත්‍රාව අනතුරට ලක්වී ඇති බවයි.

තවත් ධීවර යාත්‍රාවක සිටි පිරිසක් විසින් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වී ඇති බවට දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවයි ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම යාත්‍රාවේ සිටි ධීවරයින් සංඛ්‍යාව මෙතෙක් අනාවරණ වී නැහැ.