ඉතාලියට වාර්තාගත සංක්‍රමණිකයන් පිරිසක්

Tuesday, 29 November 2016 - 9:46

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ මේ වන විට ඉතාලියට මුහුදු මාර්ගයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 71,000 ඉක්මවා තිබෙනවා.

එය මෙතෙක් වාර්තාගත ඉහළම සංක්‍රමණික ආගමනයයි.

2014 වසරේ ඉතාලියට සංක්‍රමණිකයන් එක්ලක්ෂ 70,100ක් මුහුදු මාර්ගයෙන් පැමිණි අතර, මේ වසරේ මේ වන විට එම වාර්තාව බිද වැටී අවසන්.

උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද තරණය කොට යුරෝපයට පැමිණීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 4690 දෙනෙකු මේ වසරේදී ජීවිතක්ෂයට පත්වී හෝ අතුරුදන් වී තිබෙනවා.