විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය අවහිර වෙයි

Tuesday, 29 November 2016 - 12:45

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා ඒ අවට දැඩි රථවාහන ධාවනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු සදහන් කලේ විරෝධතාවය අතරතුරදි පොලිසිය සහ සමෘද්ධී සංවර්ධන හා කෘෂීකර්ම පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ ලේකම් පලාත් සභා මන්ත්‍රී ජගත් කුමාර අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ද ඇති වූ බවයි.

සමෘද්ධි ව්‍යාපාරයේ හා සමෘද්ධි නිළධාරින්ගේ මෙතෙක් නොවිසදුනු ගැටලූ කඩිනමින් විසදීමට ආණ්ඩුවට බල කරමින් තමන් විරෝධතාවයේ නියැලෙන බවයි ඊට එක්ව සිටින සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කිත්සිරි ගමගේ කියා සිටියේ.

මේ අතර, ජාතික ඒකාබද්ධ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සමිතිය අද දිනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ යෝජිත රුපියල් 25,000සේ මාර්ග දඩ මුදල් පිළිබඳව මෙන්ම ත්‍රිරෝද රථ රියදුරන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පමණක් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.