පොලීසිය ඉල්ලූ වාරණ නියෝගය අධිකරණය ඉවත දමයි

Tuesday, 29 November 2016 - 13:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කර ඇති උද්ඝෝෂණයක් වලක්වාලමින් වාරණ නියෝගයක් ලබාදෙන ලෙසට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

වැලිකඩ පොලිසිය කළ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය කියා සිටියේ පොලිසියට අවශ්‍ය බලය පාවිච්චි කළ හැකි බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයක් පැවැත්වීමට යන බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇති බැවින් එම විරෝධතාව වලක්වාලන  වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.