ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උණුසුම් තත්ත්වයක් - ආරක්ෂාවට පොලිසිය කැඳවයි

Tuesday, 29 November 2016 - 13:06

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන පිරිස විශාල වශයෙන් ඉහළ යාම නිසා පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට කටයුතු කළ බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර ප්‍රකාශ කළා.

එමෙන්ම එලෙස පැමිණෙන පිරිස් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ලබන වසර සඳහා වන අයවැය යෝජනා මගින් වැරදි කිහිපයක් සඳහා පනවා ඇති දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාව හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි එම ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන ආයතනයට ආරක්ෂාව සැපයීම සඳහා කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකු මේ වන විට පැමිණ තිබෙනවා.

වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණෙන වැඩි පිරිසක් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා රියදුරු බලපත්‍ර අපේක්ෂා කරන අය බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ.

මේ අතර, රථ වාහන පැවරීම සම්බන්ධයෙන් මහජනතාවට ලබා දී තිබූ සහන කාලය ලබන මස 31 වන දා දක්වා දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර කියා සිටියේ රථ වාහන පැවරීම සම්බන්ධයෙන් මහජනතාවට පසුගිය සැප්තැම්බර් 1 වන දා සිට ලබන නොවැම්බර් 30 වන දින දක්වා මාස 3ක සහන කාලයක් ලබාදුන් බවයි.

එහිදී වැඩි පිරිසක් වාහන පවරා ගැනීම සඳහා පැමිණ ඇති අතර, තවදුරටත් එම කාලය දීර්ඝ කරන ලෙසට බොහෝ පිරිසක් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ යෝජනාව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ත්‍රීරෝද රථ රියදුරන්ගේ වයස් සීමාව පිළිබඳව සාකච්ඡාවක් ඇති වූවා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත අබේසේකර මහතා යෝජනා කළේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ වයස් සීමාව ඉහළ දැමිය යුතු බවයි.

අදාළ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ ත්‍රීරෝද රථ සඳහා රුපියල් පනස් දහසක බදු එකතු කිරීම අසාධාරණ බවයි.

එම අවස්ථාව පහතින්.