ඩීසල්වලට භූමි තෙල් මිශ්‍ර කරන ජාවාරමක සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 29 November 2016 - 14:12

%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් වලින් ලබා ගන්නා ඩීසල් වලට භූමිතෙල් මිශ්‍රකර අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මල්වාන ප්‍රදේශයේ නිවසක් තුල මෙම ජාවාරම පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව දොම්පේ පොලීසිය සිදුකළ වැටලීමකදී බවුසර් රථ රියදුරු දෙදෙනෙකු සහ සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදියි.

කුඹුක්වැව, ඉමදූව සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී  ජාවාරමට සම්බන්ධ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී භූමි තෙල් කලවම් කර තිබූ ඩීසල් ලීටර් 13,200ක් ද සොයා ගැනුණා.

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් පැමිණෙන බවුසර් රථ වල ඇති ඩීසල්වලට  භූමිතෙල් මිශ්‍රකර අලෙවි කිරීමේ ජාවාරම කලක සිට සිදුකර ඇති බව සදහන්.