රට නොසන්සුන් කළොත් දැඩි පියවර - රජයෙන් ප්‍රකාශයක්

Wednesday, 30 November 2016 - 8:12

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රට තුළ නොසන්සුන්කාරී සහ කැළඹිලි සහගත තත්ත්වයන් නිර්මාණය කරන පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාළ උපදෙස් පොලීසිය ඇතුලු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත ලබාදී ඇති බවයි.

බියගම - මාවරමණ්ඩිය බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් පෙරේදා පැවති උත්සවයේදී ඇතිවූ කළහකාරී තත්ත්වය පදනම් කරගෙන අදාළ නිවේදනය නිකුත් කර තිබුණා.

ප්‍රාදේශීය සභාව විසුරුවා හැර ඇති අවස්ථාවක බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු පිරිසක් එම ස්ථානයට කඩාවැදී සිදුකළ කටයුත්තට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එහි සඳහන්.