වළ දමා තිබූ ලක්ෂ 50ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

Wednesday, 30 November 2016 - 8:15

%E0%B7%80%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කල්පිටිය - කන්දකුලිය ප්‍රදේශයේ අක්කර 50ක ඉඩමක් තුළ වළ දමා තිබූ රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 26කට අධික ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය ඊයේ සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ එම ඉඩමේ සිටි ප්‍රධාන සැකකරු පළා ගොස් ඇති අතර, ඔහුව හඳුනාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සොයා ගත් කේරළ ගංජා තොගය පසුව කල්පිටිය පොලීසියට භාර දී තිබෙනවා.