උතුරේ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වූ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘‘ආවා’’ කල්ලියට අයත් බව සැලකෙන සැකකරුවන් 11 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.
සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
ඊට අමතරව සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සෑම සති දෙකකට වරක් යාපනය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළා.
ප්රචන්ඩ ක්‍රියාවල නිරත වූ බවට මොවුන් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්.
‘‘ආවා’’ කල්ලියට අයත් සාමාජිකයන් හැට දෙදෙනෙකු අතුරෙන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.
මෙම කල්ලියේ නායකයා ලෙස සැලකෙන කුමරේෂ්වර් විනෝදන් හෙවත් ‘‘ආවා’’ ලෙස හැදින්වෙන පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ.