රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

Wednesday, 30 November 2016 - 11:58

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - යායබෝව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ජීවිතක්ෂයට පත්වුණේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක්.

ඉතිරි දෙදෙනා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මොණරාගල මහරෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස  අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුයේ යායබෝව ප්‍රදේශයේ පදිංචි 45 සහ 54 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.