ජාතික රෝහලේදී හෘද රෝගීන් 4 දෙනෙකු හදිසියේ මිය යාම ගැන කඩිනම් වාර්තාවක් කැදවයි

Wednesday, 30 November 2016 - 13:20

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් අතරතුර රෝගීන් 4 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පැය 24ක් තුළ කඩිනම් වාර්තාවක් කැදවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇති බවයි.

පෙරේදා දිනයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ රෝගීන් 6 දෙනෙකු හෘද සැත්කම්වලට ලක් කරනු ලැබුවා.

ඉන් සිව් දෙනෙකු මිය ගොස් තිබුණේ හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන්.

පසුව මේ පිළිබදව සැක මතු කරමින් විවිධ මාධ්‍ය වාර්තා ද පළ වී තිබුණා.

ඇතැම් වාර්තාවලින් සදහන් කර තිබුණේ හෘද සැත්කම් අතරතුර ඊට අදාළ පරීක්ෂණ සඳහා යොදා ගැනෙන රසායනික ද්‍රව්‍යයක් නිසි ප්‍රමිතියට නොමැතිවීම හේතුවෙන් මෙම රෝගීන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මෙම චෝදනාව පිළිබදව අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ ඒ පිළිබඳ නිශ්චිත නිගමනයක් මූලික වාර්තාව ලැබෙන තුරු ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, අදාළ රසායනික ද්‍රව්‍යයේ ප්‍රමිතිිය පිළිබද ගැටළුවක් සම්බන්ධයෙන් තම සංගමය වෙත ද තොරතුරු වාර්තා වී ඇති බවයි සමස්ත ලංකා සුව සේවා සංගමය ප්‍රකාශ කළේ.

එම නිසා පරීක්ෂණ, කමිටුවලට සීමා නොවී සිද්ධිය පිළිබඳ නිවැරදි නිගමනයක් ලබාදෙන ලෙස ද එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ ඉල්ලීමක් කළා.