වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

Wednesday, 30 November 2016 - 13:38

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ දියත් කර ඇති සංකේත වැඩ වර්ජන හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ල වී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අද උදෑසන 8ට මෙම වර්ජනය ආරම්භ කළ අතර එය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ.

වෛද්‍යවරුන් ආරම්භ කර ඇති  මෙම වර්ජනය නිසා දිවයිනේ සියඵම රෝහල්වල අද උදෑසන සායනික කටයුතු සිදුනොවූ අතර, හදිසි ප්‍රතිකාර කටයුතු පමණක්  සිදු වූ බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුණා.

මේ අතර, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුඵ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 8ක් වර්ජනයේ නිරත වන්නේ ඖෂධ සංයෝජක තනතුරු අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරිම ඇතුඵ ඉල්ලිම්  4ක් මුල් කර ගනිමින්.