හදවත් රෝගීන් මියයෑමේ සිද්ධියට ඩයි වර්ගයක් තහනම් කරයි

Wednesday, 30 November 2016 - 16:56

%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ රෝගීන් සිව්දෙනෙකු එකම දිනයේදී මියයාමට  හේතුවූවා යැයි සැක කෙරෙන ඩයි වර්ග කාණ්ඩය භාවිත කිරීම තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය සැපයුම් අංශයට දැනුම්දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ත්‍රිපුද්ගල කමිටුවක් ද අද පත් කරනු ලැබුවා. එහි ප්‍රධානත්වය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග විසින් දරන අතර, රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා එහි සෙසු සාමාජිකයින්.

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේදී පෙරේදා රෝගීන් හයදෙනෙකු හදවත් සැත්කම්වලට භාජනය කර තිබෙනවා.

ඉන් රෝගීන් සිව්දෙනෙකු එදින මියගිය අතර  ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ, හෘද සැත්කම් අතරතුර ඊට අදාළ පරීක්ෂණ සඳහා යොදාගැනෙන ඩයි වර්ගයක් නිසි ප්‍රමිතියෙන් නොමැති නිසා මෙම රෝගීන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යුරෝපා රටවලින් ආනයනය කර ඇති ඩයි වර්ගය සහිත එන්නත කොළඹ ජාතික රෝහලේ මෙන්ම කරාපිටිය, බදුල්ල, කුරුණෑගල, නාගොඩ, යාපනය, කළුබෝවිල සහ පේරාදෙණිය යන රෝහල් වෙතද නිකුත් කර තිබෙනවා.

එම රෝහල්වල ඇති මෙම කාණ්ඩයට අයත් එන්නත් භාවිත නොකරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය රෝහල් අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.