පෞද්ගලික බස් සහ දුම්රිය අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ ලංගමය පොලිස් ආරක්ෂාවත් ඉල්ලයි

Thursday, 01 December 2016 - 7:22

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත පෞද්ගලික බස් වර්ජනයේ කිිසිදු වෙනසක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවකයන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම සංගමයේ කැඳවුම්කරු යූ.කේ.රේණුක කියා සිටියේ  සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමය සහ දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද සිය වර්ජනයට සහය පළ කරන බවයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම වර්ජනයට සහය පළ කරන්නේද නැද්ද යන්න පිළිබඳව සිය ස්ථාවරය අද දහවල් ප්‍රකාශයට පත් කරන බවයි.

පෞද්ගලික බස් සංගම් පවසන පරිදි වර්ජනය ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය සියලු  කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.   

රථවාහන වැරදි හතක් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් 25000 ක දඩය අතුරින් වමෙන් ඉස්සර කිරීම සඳහා පමණක් වන  දඩය සංශෝධනය කිරීමට තමා මැදිහත් වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  ඊයේ ප්‍රකාශ කර තිබුණා.

ඒ, ත්‍රිරෝද රථ සංගම්, පාසල් ප්‍රවාහන රථ සංගම් සහ යතුරුපැදි සංගම්වල නියෝජිතයින් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

කෙසේ වෙතත් සාකච්ඡාවට එක්වූ  ත්‍රිරෝද රථ සංගම් දෙකක නියෝජිතයන් වර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළ කළා.

බීමතින්  රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති වීම, රක්ෂණ සහතිකයක් නොමැතිවීම, දුම්රිය හරස් මාර්ගවලදී අනාරක්ෂිත ලෙස වාහන ඇතුළු කිරීම, අධික වේගය, රියදුරු බලපත්‍රය නොමැති පුද්ගලයෙකුට රිය පැදවීමට ඉඩ සැළසීම සහ වමෙන් ඉස්සර කිරීම යන රථවාහන වැරදි සඳහා රුපියල් 25 000 ක දඩයක් නියම කිරීමටයි පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී එකඟතාවය පළවුණේ.

මේ අතර විශ්‍රම වැටුප් අහෝසි කිරීම ඇතුලු ඉල්ලීම් හතරක් මුල් කරගෙන අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වර්ජනයේද කිසිදු වෙනසක් සිදු නොවන බව දුම්රිය සේවා වෘත්තිය සමිති සාමූහික සන්ධානයද ප්‍රකාශ කළා.