වෛද්‍ය වර්ජනය අද පෙරවරු 8.00 න් අවසන්

Thursday, 01 December 2016 - 7:51

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+8.00+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
අයවැයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පෙරවරු 8.00ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද පෙරවරු 8.00 න් අවසන් කිරීමට නියමිතයි.

අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ලවී ඇති බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ආරම්භ කළ මෙම සංකේත වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේදී රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වුණා.

එමෙන්ම ඖෂධ සංයෝජක තනතුරු, අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කිරීම ඇතුලු ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ද ඊයේ පෙරවරු අටේ සිට ආරම්භ කළ සංකේත වර්ජනය අද පෙරවරු අටෙන් අවසන් වනවා.  

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වුණේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන්.