77 කට මරු කැඳවූ බ්‍රසීල ගුවන් අනතුරට හේතුව හෙළිවේ

Thursday, 01 December 2016 - 8:05

77+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
බ්‍රසීල පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් සමඟ කොළොම්බියාවේදී සිදුවූ ගුවන් යානා අනතුරට හේතුව එහි ඉන්ධන නොමැතිවීම බවට අනාවරණ වී තිබෙනවා.

ගුවන් යානයේ පටිගත වී තිබූ දත්තවලට අනුව යානයේ නියමුවන් විසින් එහි අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නොමැති බව සහ කාර්මික දෝෂයක් ඇති බවට පාලක මැදිරියට දන්වා ඇති බවයි පැවසෙන්නේ.

අනතුරට පත්වන අවස්ථාවේ යානය අඩි 9000 ක් පමණ ඉහළින් ගමන් කරමින් සිට තිබෙනවා.

පසුගිය 28 වනදා සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 77 දෙනෙකු මියගියා.