Update : අරගලය, මිස ආණ්ඩුව විශ්වාස නැහැ - නිදහස ලැබූ කුමාර් ගුණරත්නම් කියයි

Friday, 02 December 2016 - 12:39

Update+%3A+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%92%E0%B7%83+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත වසරක සිර දඬුවමක් විදි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි සැලකෙන කුමාර් ගුණරත්නම් අද නිදහස ලබා අනුරාධපුර බන්ධනාගාරයෙන් පිටව ගියා.

ඔහු නිදහස ලබා පැමිණෙන මොහොත දැක ගැනීමට ඔහුගේ මව, පවුලේ ඥාතීන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් ද බන්ධනාගාරය අසළට පැමිණ සිටියා.

කෑගල්ල - අගුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ සිටියදී කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් 4 වන දායි.

අනතුරුව ඔහුට වසරක සිර දඬුවමක් නියම කෙරුණේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන්.

තාවකාලික වීසා මත මෙරට රැදී සිටීමට ඔහුට මේ වන විට අවසර හිමිව ඇති අතර, පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් නැවතත් අයදුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව ද කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළා.

නිදහස ලබා පැමිණි කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළේ අරගලය, මිනිසුන්ගේ චිත්ත ධෛර්යය පිළිබදව මිස ආණ්ඩුව පිළිබදව විශ්වාස නොකරන බවයි.



Update : Friday, December 2, 2016 19.18
------------------------------------------------------


ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත වසරක සිරදඩුවමක් විදි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (02) දහවල් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි කුමාර් ගුණරත්නම් මෙලෙස නිදහස ලබා මීට ටික වේලාවකට පෙර පිටතට පැමිණි බවයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට බන්ධනාගාර ගතව සිටි කුමාර් ගුණරත්නම්ගේ දඩුවම් කාලය අවසන් වීම ඊට හේතුවයි.

කෙසේ නමුත්, ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට රජය කටයුතු කරමින් සිටින අතර, එතෙක් තාවකාලික වීසා බලපත්‍රයක් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

 


ඡායාරූප - අනුරාධපුර අතුල බණ්ඩාර