වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න, පෞද්ගලික බස් සංගම් තීරණය කරයි - ලංගම බස් 26කට ප්‍රහාර

Friday, 02 December 2016 - 19:55

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+26%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
රුපියල් 25,000 දඩ මුදල අත්හිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබීම නිසා දැනට ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජනයට එක්ව සිටින පෞද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වෘත්තීය සමිති සියල්ල එම තීරණය ඒකමතිකව අනුමත කර ඇති බවයි.

මේ අතර, මාතර මගී ප්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම බස් රථ තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි.

මෙම වැඩවර්ජනය සඳහා සහය පළ නොකළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන්ද අප වර්ජනය පිළිබඳව විමසීමක් කළා.

ඔහු කියා සිටියේ බස් රථ සේවකයින් අද සේවයට වාර්තා නොකිරීම නිසා තම සංගමයට අයත් බස් රථද ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවයි.

මේ අතර, බස් වර්ජනයට ගැමුණු විජේරත්න සභාපතීත්වය දරණ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එක්නොවීම හාස්‍යයට ලක් කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් අද පෙරවරුවේ කරත්තයක නැග කඩුවෙල නගරයේ විරෝධතාවයක ද නිරත වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේදී ධාවනය සඳහා බස් රථ 6100ක් යෙද වූ බවයි.

වර්ජනය තවදුරටත් පැවතියහොත් ඊට ද සාර්ථකව මුහුණදීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු සදහන් කලා.

අද දඹුල්ල ප්‍රදේශයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථ පාසල් සිසුන් නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 26කට අද ප්‍රදේශ රැසකදී ප්‍රහාර එල්ල වී තිබුණා.

මාතර, පුත්තලම, මහනුවර, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, දංකොටුව, දඹදෙනිය, යක්කල, පයාගල, කෙරළවලපිටිය සහ තංගල්ල  ඇතුළු ප්‍රදේශ කිහිපයකදී මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.