Update : ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි - වර්ජන ක්‍රියාමාර්ග අවසන් - පෞද්ගලික බස් සංගම් කියයි

Saturday, 03 December 2016 - 6:52

Update+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවැති සාකච්ඡාව සාර්ථක වූ බැවින් මාර්ග නීති උල්ලංගණය කිරීමේ දඩ මුදල් සම්බන්ධයෙන් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයක නිරත නොවන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

දඩ මුදල් වැඩි කිරීමේ තීරණයකට මෙතෙක් එළඹී නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පොදු ප්‍රවාහන සේවයේ ගැටළු විසදීම සඳහා සියලු පාර්ශවයන් නියෝජනය කරන කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.


Update : Saturday, December 3, 2016 9.41
------------------------------------------------------

රුපියල් 25,000 දඩ මුදල අත්හිටුවන ලෙස බල කරමින් පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සමඟ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද උදෑසන ජනාධිපතිවරයා සමඟ බස් සංගම් නියෝජිතයින් 20 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබාදෙන බවට දුන් පොරොන්දුවකට අනුව බස් වර්ජනය තාවකාලිකව අත්හිට වූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

වර්ජනයේ නිරත පෞද්ගලික බස් සංගම් සමඟ ඊයේ රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේදී පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ද අදහස් පළ කළා.

ඔහු සදහන් කළේ ජනනාධිපතිවරයාගේ උපදෙස් මත තමන් පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් හමුවූ බවයි.

වර්ජනය හේතුවෙන් මගීන් විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේදී අපහසුතාවට ලක්වුණා.

මේ අතර රජය පනවා ඇති දඩ මුදල් සම්බන්ධයෙන් ඊයේ දිනයේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡා අසාර්ථවීම හේතුවෙන් අද දින කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසනවා.