ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් -පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි

Saturday, 03 December 2016 - 12:24

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය අද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මාර්ගයට පිවිසීම වැලැක්වීම සඳහා පොලීසිය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය හරස් කරමින් ආරක්ෂාව තර කර තිබුණා.

විරෝධතාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඇති වූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.

එහිදී අදහස් දැක්වූ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදයේ සභාපති වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ සඳහන් කළේ ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි මැතිවරණය කල් දමමින් වත්මන් රජය කටයුතු කරන බවයි.