පළාත්පාලන ඡන්දය පැවැත්වීම ගැන පක්ෂ නායක හමුවකට සූදානම් - රජය කියයි

Sunday, 04 December 2016 - 6:49

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන මැතිවරණය පවතින සමානුපාතික ක්‍රමය යටතේ පවතිනවානම් පමණක් තමන් ඊට තරග වදින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය කුමක්ද යන්න විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට සූදානම් බවයි.