ඇල්පිටියේ පාසලකත් වවුචර්පත් වෙනුවට රෙදි ලබාදුන් බවට පැමිණිලි

Sunday, 04 December 2016 - 6:58

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පිටිගල ඉදිපලේගොඩ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට හිමි පාසල් නිල ඇදුම් වවුචර්පත වෙනුවට රෙදි ලබා දිම පිළිබදව දෙමව්පියන් සිදුකළ පැමිණිල්ලකට අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් එකකයේ නිලධාරින් සහ පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව කටයුතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නා බවයි.

මේ අතර, පසුගියදා පාසල් සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර වෙනුවට ඒ සඳහා සිසුන් අතට රෙදි බෙදාහැරීමට කටයුතු කළ මහනුවර බදියුදීන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

එමෙන්ම, හම්බන්තොට හුංගම විජයබා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන්ටද නිල ඇඳුම් වවුචරය වෙනුවට රෙදි ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් හම්බන්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ නිල ඇදුම් වවුචර පත් දරුවන් අතට පත් කරන ලෙස සියලූම විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් පැහැදිලි ලෙස දන්වා ඇති බවයි.